ඉන්දන මිල තවත් වැඩි කරයිද..? අද ගම්මන්පිල ඇමතිට පක්ෂ නායක රැස්වීමෙදි සිදුවූ දේ.(VIDEO)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩි විවේචන එල්ල වී තිබේ. අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන අර්බුදයට හේතුව කොරෝනා වසංගතය නොවන බවත් වසංගතයෙන් සිදුවූයේ අර්බුදය ඉක්මන් වීම පමණක් බවටත් ගම්මන්පිල මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබින. අද පැවති මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයාද ඇමතිවරයාගේ මතය පිලි නොගනිමින් අදහස් පල කර තිබේ.
මේ අතර උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දන්වමින් සඳහා වෙලාවක් වෙන් කර දෙන ලෙස ලිපියක් යොමු කර ඇති බවද දැනගන්නට ඇත.
අමාත්‍යවරයාද අද රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් සිදු කර තිබුණා. එහිදි ලෝක වෙළද පොලේ මිල.ගනන් අනුව රටෙහි මිල ගනන් වෙනස් වන බව ඔහු ප්‍රකාශ කලා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |