අර්බුධයක් අත ලග.. ඉන්ධනද? විදුලියද? ඇමති ගම්මන්පිල අනතුරු අඟවයි

sri lanka Gammanpila udaya gamman pila
By Sithumi Jan 29, 2022 03:36 PM GMT
Report

පෙබරවාරි මස මැද හෝ මාර්තු මාසය මුල වනවිට අනිවාර්යයෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

"කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. එම නිසා රජය සෑමවිටම ඉල්ලුමට සරිලන ලෙස නව බලශක්ති බලාගාර සැපයුමට එක්කළ යුතුයි."

"නමුත් අවාසනාවන්ත ලෙස 2014 සිට අපගේ බලශක්ති සැපයුමට නව බලාගාර එකතු වී නැහැ. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින නියඟ කාලගුණයත් සමග අපගේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි." "දැන් තාප බලාගාරවලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට නොහැකියි. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් නිෂ්පාදනය වුණේ ජල විදුලියෙන්."

"නමුත් දැන් එය 25% දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා මම අනාවැකි පළ කරනවා.. මාර්තු මාසය මුල් සමය වනවිට හෝ පෙබරවාරි මැද වනවිට අනිවාර්යයෙන් විදුලිය කැපීමකට යාමට සිදුවෙයි කියලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now