09 වැනි වතාවටත් ආ Saola නිසා බර 50kg ට අඩු අයට මාර්ගවල ගමන් නොකරන්නැයි තහනමක්..
China
Weather
By krishani
මෙම වසර තුළ 9 වැනි සුළි කුණාටුව වන Saola ටයිෆූන් ඊයේ (02) අළුයම කාලයේ දී දකුණු චීනයේ Guangdong පළාතට ඇතුළු විය.
පැයට කිලෝමීටර් 200 කට වඩා වේගයෙන් හමා ගන මෙම කුණාටුව අභිමුව ජන ජීවිතයට ද බොහෝ හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Guangdong යනු ජනාකීර්ණ පළාතක් වේ.එහි සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම Saola හේතුවෙන් ව්‍යාපාර, පාසල් සහ මූල්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ එරට රජය දැනුම් දී ඇත්තේ 50Kg ට අඩු පුද්ගලයින්ට කුණාටුවේ බලපෑම් සහිත ප්‍රදේශ වල මාර්ග වල ගමන් නොකර නිවෙස් තුල රැඳී සිටින ලෙසයි.