ඉස්සර ලලනාවන් සුදු වෙන්න භාවිතා කළ කොලැජන් වර්ග.
කොලැජන් කියන වචනය හැමෝම වගේ අහලා ඇති. හැබැයි ගොඩක් අය හිතන් ඉන්නේ කොලැජන් වලින් සුදු වෙන්න පුළුවන් කියලා විතරයි. ඇත්තම කොලැජන් කියන්නේ ප්‍රෝටීනයක්. අපේ සමෙහි 80% ක්ම සෑදිලා තියෙන්නේ මේ කොලැජන් වලින්. මේවා සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන අතර වයස අවුරුදු 20 පසු කිරීමෙන් අනතුරුව සෑම අවුරුද්දකටම 1% බැගින් අපේ සමේ කොලැජන් අඩු වෙනවා. ඒක නිසා තමයි වයසට යද්දී ටිකෙන් ටික ටික සම රැළි වැටෙන්නේ.
කොලැජන් ලබාගත හැකි ක්‍රම ( බාහිරින්)
📍 කොලැජන් වර්ග කිහිපයක්ම තියෙනවා.
📍 ඉන් ප්‍රධානම කොලැජන් වර්ග දෙක තමයි marine collagen සහ hydrolyzed collagen. marine collagen.
📍 මේවා මුහුදු ශාක සහ මුහුදු මත්ස්‍යයින්ගෙන් නිපදවන කොලැජන් වර්ගයක්. ඒ වගේම hydrolyzed collagen ලබාගන්නේ ඌරන්ගේ සහ ගවයන්ගේ අස්ථිවලින්. මෙම කොලැජන් අඩංගු පෙති, capsule සහ injection වර්ග තියෙනවා. අපේ අය සුදු වෙන්න කියලා ගන්නේ මේවා තමා.
ස්වභාවිකව කොලැජන් ලබාගත හැකි ක්‍රම
📍 පැගිරි සහිත පළතුරු
📍 සුදුළුණු
📍 කජු,
📍 තත්කාලි,
📍 බිත්තර,
📍 ධාන්‍ය වර්ග,
📍 මස්,මාළු, රෝස පැහැති සැමන්,
📍 අලිගැටපේර,
📍 ඕට්ස්,
📍 නිවිති,
📍 වම්බටු
ඉස්සර අපේ කාන්තාවන් රූප සම්පත්තිය රැක ගත්තේ මේ ස්වභාවිකව කොලැජන් වලින්. මේවා අතරින් අලිගැටපේර සහ පැගිරි සහිත පළතුරු වල කොලැජන් බහුලයි. ඒවා නිතරම ආහාරයට ගත්තොත් සමෙහි ඇති පැල්ලම් ඉවත් කරලා පැහැපත් බවක් සහ තරුණ පෙනුමක් ලබාගන්න පුළුවන්.
කොලැජන් මගින් සමට ලැබෙන වාසි
🌸 තරුණ පෙනුම රැකදීම
🌸 ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම
🌸 skin එක පැහැපත් කිරීම
🌸 සිරුරේ නම්‍යශීලි බව රැක දීම
🌸 නිය, දත් සහ අස්ථි ශක්තිමත් කිරීම
🌸 හිසකෙස් වැටීම පාලනය කිරීම
🌸
වැඩි මාංශ පේශි අඩු කිරීම