නාදුනන මළ සිරුරු දෙකක් හමුවෙයි
නාඳුනන මළසිරුරු දෙකක් හමුවූ බව පොලීසිය පවසයි. එක් මළසිරුරක් හමුවී ඇත්තේ කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබියදීය.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගල මළසිරුරක් එලෙස හමුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ තැඹිලි සහ කලු කොටු සහිත අත්කොට කමිසයකින් සහ කලු පැහැති දිග කලිසමකින් හැඳ සිටි ඔහු දුඹුරු පැහැති සපත්තු යුගළක් පැළැඳ සිටි බවය.
අනෙක් පුද්ගල මළසිරුර හමුවී ඇත්තේ පල්ලෙකැලේ පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබියදීය.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 25ත් 30ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 07 පමණ වන පිරිමි පුද්ගල මළසිරුරක් බව පොලීසිය පැවසීය.
ඔහු කහ පැහැති දිග කලිසමකින් සැරසී සිටි බවද පොලීසිය පවසයි. මළසිරුර දෙකම මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |