වැවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට..

Kandy Sri Lanka Accident
By Sewvandhi Jul 20, 2022 04:27 PM GMT
Report

නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය දහහත් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැවේ ගිලී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .

මියගොස් ඇත්තේ සුබ්රනමනියම් විශ්ව (17) මොහොමඩ් අර්ෆත් (17) නැමැති යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි .

එම සිසුන් දෙදෙනා කිසිවකුටත් නොදන්වා (20) දහවල් එසේ දිය නාමින් සිටියදී වැවේ ගිලී මිය ගොස් ඇති අතර ප්‍රදේශවාසියකු ඒ බව දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ දේහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ .

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now