ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රභලයින් දෙදෙනෙක් හේතු නොකියම ඉල්ලා අස් වෙයි. - (PHOTOS)
Cricket
Sri Lanka Cricket
By Wayomi
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ශාරිරික කාර්ය සාධන කලමනාකරු ලෙස කටයුතු කල ග්‍රාන්ට් ලූඩන් සහ භෞතිකචිකිත්සකවරයා ලෙස කටයුතු කල ක්‍රිස් ක්ලාක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතුව තවමත් නිවේදනය කර නොමැති අතර ඔවුන් මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ, අදාළ කොන්ත්‍රාත් කාලය අවසන් වීමටත් පෙරයි.
එමෙන්ම, මීට දවස් කිහිපයකට පෙර ඛෙත්තාරාමයේදී පුහුණු කාර්ය මණ්ඩලය හමුවී සිදු කල ස්වයං විවේචන හමුවේදීද ඔවුනොවුන් ගැටුන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ලබන වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට මුහුණ දීමට නියමිත අතර ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මෙරට දී පැවැත්වෙන තරඟාවලියේදීයි.