එක්දින සටනට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රථම වරට ලංකාවට. ශ්‍රී ලංකා සංචිතයෙන් දෙදෙනෙක් එළියට.

Sri Lanka Cricket Afghanistan Cricket Team
By Wayomi Nov 16, 2022 05:59 AM GMT
Report

මෙම මස 25 වෙනිදා සිට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ජෙෆ්රි වැන්ඩ්‍රසේ සහ චාමික කරුණාරත්නට අවස්ථාව අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් නැවත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

එක්දින තරග තුනකට පමණක් සීමා වන මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

මෙහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මේ මස 27 වැනිදා සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි.

මීට පෙර ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේදී එකිනෙකා හමුවී ඇත්තේ 2014, 2018 වර්ෂයන්හි පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේදී සහ 2015, 2019 වර්ෂයන්හි පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පමණි.

එමනේම එම අවස්ථා හතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරගාවලිය සඳහා නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

දසුන් ශානක (නායක), චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW