දෙයියනේ කියලා, දෙවියන්ට ලැබුණ පඬුරු ටික බෙදා ගන්න බැරුව පූසාරිලා 03ක් ගුටි කෙළියක..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Jaffna
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    යාපනය, වීරමාකාලි අම්මාන් කෝවිලේ පූසාරීවරුන් තිදෙනෙකු එකිනෙකාට පහර දී ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ පඬුරු බෙදා ගැනීමට යාමේ දී ඇති වූ බහින්බස්වීමක් මතයි.
ඒ හේතුවෙන් එම කෝවිලේ පූසාරීවරුන් තිදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා (22) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පහර දී ගැනීම ආරම්භ වීමෙන් පසුව එක් පූසාරීවරයෙකුගේ සහෝදරයෙකු හා මාමා කෙනෙකු ද පැමිණ අනෙක් පූසාරීවරු දෙදෙනාට පහර දී ඇත.
එම අවස්ථාවේදී කෝවිලේ පූජාවකට සහභාගී වෙමින් සිටි බැතිමතුන් පිරිසක් එම ආරවුල හා ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කොට ඇත.
 
    
    හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
නමුත්, එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
 
                 
                 
                                             
        
     
     
     
     
    