පොලීසියට අයදුම්කළ තරුණයින්ගේ අමුතු වැඩක් කැමරා කාචයේ සටහන් වෙයි..(CCTV VIDEO)
කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ATM යන්ත්‍රයක අමතක වී දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.
අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු ATM යන්ත්‍රයක මුදල් ගැනීම සඳහා පසුගිය 31 වන දින පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ් පත අමතක වී දමා ගොස් තිබුණි.
පසුව සැකකරුවන් දෙදෙනා එම කාඩ්පතින් කහතුඩුව ප්‍රදේශයේම සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ ලබා ගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමග තම බැංකු කාඩ්පත නැති වී ඇති බව දැනගෙන තිබූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ගොස් එක් අයකුට මාලයක් සහ අනෙක් පුද්ගලයාට අත් පළඳනාවක් ද මිලදීගෙන බැංකු කාඩ්පතින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
කාඩ්පත් හිමියා අදාළ බැංකුවට දුරකථන ඇමතුමක් දී ලබාදී කාඩ් පත අක්‍රීය කරන අවස්ථාව වන විටත් සැකකරුවන් විනාඩි කිහිපයක් තුළ දී අවස්ථා පහකදී රුපියල් දෙලක්ෂ තිස් දහසක භාණ්ඩ මිලදී ගෙන තිබූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් රන් භාණ්ඩ අලෙවි සැලට ගොස් එම භාණ්ඩ මිලදී ගන්නා අයුරු එහි CCTV කැමරාවේ සටහන්ව තිබුණි. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 හා 25 සැකකරුවන් දෙදෙනා වීදියගොඩ පදිංචිකරුවන් ය. සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කහතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |