අතුරුදන්ව සිටි කතුන් 02ක් සහ පිරිමින් 03ක් හමුවෙයි...සිදුවූ දේ මෙන්න.

Sea Missing woman Missing fishermen Sinharajaya Ahungalla
By Aruna Dec 14, 2021 07:12 AM GMT
Report

සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද - අලුත් ඉල්ලම ප්‍රදේශයෙන් එනසාල් කැඩීමට ගොස් අතුරුදන් වී සිටි කාන්තාවන් දෙදෙනා දෙනියාය - විහාරහේන ප්‍රදේශයේ රැදී සිටියදී, වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (14) දින සොයාගෙන තිබෙනවා.

කොළොන්න - ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචි 39 සහ 40 යන වයස්වල පසුවන මෙම කාන්තාවන් දෙදෙනා, පෙරේදා දිනයේදී මෙලෙස ගොස් තිබූ අතර, ඔවුන් සොයා පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ප්‍රදේශවාසීන් ද ඊයේ (13) පස්වරුවේ සිට මෙහෙයුමක් ද දියත් කළා.

මේ අතර අහුංගල්ල - එගොඩමුල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 3 දෙනා අද(14) උදෑසන යළි ගොඩබිමට පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ ඥතීන් සහ යාත්‍රාවේ හිමිකරු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, පෙරේදා දිනයේ සිට ධීවරයින් තුන් දෙනා ගමන් ගත් යාත්‍රාව අතුරුදන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, අද උදෑසන මොවුන් යළි පැමිණ ඇති අතර මුහුදු මාර්ගය සොයා ගැනීමට අපහසුවීම නිසා මොවුන් දින දෙකක් මුහුදේ අතරමංව සිටි බව සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now