මෙරට ඇමතිවරු දෙදෙනෙක් ඇනකොටා ගනී.. හේතුව මෙන්න..

Srilanka Problem Oic
By Sithumi Feb 07, 2022 04:11 PM GMT
Report

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට අලුතින් ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු අතර මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ. 

 තමා අදාළ ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා බැවින් තමාගෙන් නොවිමසා ස්ථානාධිපතිවරයකු පත්කර ඇතැයි ද එක් ඇමතිවරයකු චෝදනා කර ඇත. ඊට පිළිතුරු දී ඇති තවත් ඇමතිවරයකු ප්‍රකාශ කර ඇත්තේ තමා ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා බවය. 

 ඔවුන් දෙදෙනාටම පිළිතුරු දී ඇති මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලකයන්ගේ ලිපිවලට තමා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් නොකරන බවය. පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් මත සහ සේවා අවශ්‍යතා මත පමණක් බව ද ඔහු එහිදි සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now