උඩු ගුවනේ දී යානා දෙකක් මහ මුහුදට කඩා වැටිලා - එහි තත්ත්වය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

Japan Accident Death Latest Headlines
By krishani Apr 21, 2024 12:15 PM GMT
Report

හෙලිකොප්ටර් යානා දෙකක් පැසිෆික් සාගරයට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

උඩු ගුවනේ දී යානා දෙකක් මහ මුහුදට කඩා වැටිලා - එහි තත්ත්වය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Two Helicopters Crash Into The Pacific Ocean

මෙලෙස කඩා වැටී ඇත්තේ ජපාන නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ය.

එම අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ජපාන නාවික හමුදා ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ.

උඩු ගුවනේ දී යානා දෙකක් මහ මුහුදට කඩා වැටිලා - එහි තත්ත්වය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Two Helicopters Crash Into The Pacific Ocean

අතුරුදන් වූ නිලධාරීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

එම යානා දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට ජපාන බලධාරීන් සැක පළ කරයි.

කෙසේ වෙතත්, අතුරුදන් වූ නිලධාරීන් සෙවීම සඳහා යුද නෞකා 8ක් සහ ගුවන් යානා 5ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.