පොලීසියත් බිය ගන්වමින් මහ පාරේ දෙපිරිසක් අතර විශාල ගැටුමක්..(VIDEO)

Wedding fight Navala Koswaththa Junction
By Sewvandhi Mar 05, 2022 05:30 PM GMT
Report

ආරවුලක් දුරදිග යාමෙන් නාවල, කොස්වත්ත මංසන්ධියේදී දෙපිරිසක් අතර ගැටුම් ඇතිවී තිබුණි.පොලිස් නිලධාරීන් බලාසිටියදී මෙම ගැටුම පැයකට ආසන්න කාලයක් පැවති බවය. 

නාවල, කොස්වත්ත මංසන්ධියේ පිහිටි උත්සව ශාලාවක ඊයේ මංගල උත්සවයක් සහ උපන්දින සාදයක් පවත්වා තිබුණි. උත්සව දෙකට පැමිණි පිරිස් අතර ඇතිවූ මතගැටුමක් දුරදිග යෑමෙන් ආරවුලක් හටගෙන ඇත.

සිද්ධිය දුටුවෙක් පැවසුවේ, "තරුණයෙක් ට මෙතන බිමදාගෙන ගැහුවා. අතන වාහනේට යට වුණා. හෙල්මට් කුඩුකරගෙන මහපාරේ බිමදාගෙන ගැහුවේ." ඒ අනුව සිද්ධිය සමථයට පත්වුණත් ටික වේලාවකින් හෝටලය ඉදිරිපිට යළි දෙපාර්ශ්වය අතර ගැටුමක් හට ගෙන තිබේ.

එය නාවල මාර්ගය දක්වා ව්‍යාප්ත වූ අතර පහර කෑ අයෙක් මාර්ගය මැද ඇදවැටී තිබුණි. ගැටුම ඇතිවූ අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද රැඳීසිට තිබුණි.

 පසුව තවත් පොලිස් කණ්ඩායමක් එහි පැමිණ තිබුණි. ඒ අනුව ගැටුමට සම්බන්ධවූවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එම අවස්ථාවේදී තවත් පිරිසක් පළායෑමට උත්සාහ කර තිබුණි.

ඒ අනුව ගැටුමට සම්බන්ධවූවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එම අවස්ථාවේදී තවත් පිරිසක් පළායෑමට උත්සාහ කර තිබුණි.

අවසානයේ ගැටුමට සම්බන්ධවූවන් පොලිස් ජීප් රථවල නංවාගෙන වැලිකඩ පොලීසිය වෙත රැගෙන යෑමට පොලීසිය පියවර ගත්තේය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now