ඉන්ධන වර්ග 02ක මිල සීඝ්‍රයෙන් අඩු වෙයි - නව මිල ගණන් මෙන්න

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 04, 2026 04:48 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැවිතෙල් සහ නැප්තා ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, නව මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් අඩු කර තිබේ.

එමෙන්ම, නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් අඩු කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, නව මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.