හදිසියේම ඡන්ද ලකුණු දෙකක් ඉවත් කෙරේ - නවතම ගැසට් නිවේදනය මෙන්න..

Election farmer crown Saman Sri Rathnayake
By Sewvandhi Feb 16, 2022 09:59 AM GMT
Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇති ලැයිස්තුවෙන් ලකුණු 2ක් ඉවත් කර තිබේ.

ඒ ඔටුන්න සහ ගොවියා යන ලකුණුය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.

දේශපාලන පක්ෂ සඳහා අනුමත කර ඇති ලකුණු ඇතුළත් නව ලැයිස්තුව පසුගිය ජනවාරි මස 21 වනදා මැතිවරණ කොමිෂන් සභාව මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි දේශපාලන පක්ෂ සඳහා මේ වනවිට වෙන්කර දී ඇති ලකුණු වලට අමතරව පක්ෂ සඳහා ලබාගත හැකි ලකුණු සඳහන් කර තිබූ අතර එහි ඇතුළත් වූ ඔටුන්න ලකුණ සහ ගොවියා ලකුණ නව ගැසට් නිවේදනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ගැනුණි.

මේ අතර 2021 වසරේ සිදුකළ ආකාරයෙන්ම මෙවර ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන ලිඛිත එකඟතාවය හෙට දිනයේ ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊයේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසම විසින් එම එකඟතාවයට එළඹ ඇති බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery