අවධානයෙන් සිටින්න..! අධික සීතල නිසා, සියල්ලන් හඬවමින් කුඩා දරුවන් දෙදෙනෙක් මියයයි..!
මුළු දිවයින ම බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය නිසා සෙම් රෝග උත්සන්න වීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මෙම දරුවන් දෙදෙනා ම කන්තලේ ප්‍රදේශයේ දරුවන් බවයි ඔවුන් පවසන්නේ.
මින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ වයස මාස දෙකහමාරක බිලිඳියක වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි. මෙම දරුවන් දෙදෙනාම ඊයේ (09) අලුයම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු පෙනහලු ආබාධයකින් පෙළී ඇති බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
තුන් හැවිරිදි පිරිමි දරුවා අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මෙම දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ශ්වසන අපහසුතා ඇතුළු රෝගී තත්ත්වයන් හටගැනීමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
එම නිසා කුඩා දරුවන් අධික සීතල තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |