පස් හැවිරිදි හා හත් හැවිරිදි දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වූ අවාසනාවන්ත ඉරණම
India
Accident
By Sewvandhi
මධ්‍ය ප්‍රදේශ් හි අඩි 60 ක ගැඹුරින් යුත් ලිං කුහරයකට ඇදවැටීමෙන් හත් හැවිරිදි ළමයෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.
ඊයේ පෙරවරු 11 ට පමණ ලිං කුහරයට වැටුනු ළමයා එහි අඩි 43ක පමණ ගැඹුරින් වු ස්ථානයක සිරව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදී ළමයා මුදා ගැනීමට හැකිව තිබුණද රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලිං කුහරයකට ඇද වැටීමෙන් ඊයේ දිනයේ ද පස් හැවිරිදි ළමයෙකු මියගොස් තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |