ගුවන් තොටුපල දෙකක් තාවකාලිකව හදිසියේම වසා දමයි.

United Russia Russo-Ukrainian War Russia
By krishani Aug 11, 2023 11:36 AM GMT
Report

රුසියාවේ ගුවන්තොටුපල දෙකක් තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට සැක කරමින් ය.

එම ගුවන්තොටුපලවල සියලු පිටත් වීම සහ ළගාවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

එමෙන්ම එම ගුවන් තොටුවල ද්විත්වය වෙත  පැමිණි ගුවන් යානා කිහිපයක් මොස්කව් ගුවන් කලාපයේ වෙනත් ගුවන්තොටුපල වෙත යොමු කර ඇත.

කෙසේ වෙතත්, රුසියාව ඉලක්ක කර ගත් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර ගත වූ කාලසීමාව තුල වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.