සේවකයින් විශාල පිරිසකට අදින් රැකියාව අහිමි වෙයි..! අද රාත්‍රී 9ට විශේෂ ඊමේල් පණිවිඩයක්, කාර්යාලත් තාවකාලිකව වසයි..
අද දින විශේෂ ඊමේල් පණිවිඩයක් මගින් ට්විටර් සමාගමේ සේවකයින් විශාල සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව සමාගම දැනුම්දෙනවා.
ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය.
අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය. එසේම සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය.
ඒ අනුව ලොව පුරා ඇති ට්විටර් සමාගමේ කාර්යාල වල සේවය කරන සේවකයින්ගේ රැකියා සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ අවිනිශ්චිත බවකි.
රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන් ඉවත්කර ඇත්ද නැත්ද යන්න දැනුම් දීමට නියමිතය.
මේ වනවිට බොහෝ සේවකයින්ට සමාගමේ පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකා ඇතැයිද සඳහන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |