ට්විටර් යළිත් වෙනස් වෙයි - එක් වන අලුත්ම පහසුකම මෙන්න..

Twitter Elon Musk
By Sewvandhi Sep 02, 2023 01:52 PM GMT
Report

 පසුගිය වසරේ ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk ට්විටර් හිමිකර ගනු ලැබුවා.

මෙහිදී ට්විටර් මිලදී ගත් Elon Musk බොහෝ වෙනස්කම් සිදු කළ අතර පසුගියදා Twitter නම වෙනස් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

එම අවස්ථාවේදී Elon Musk විසින් Twitter පහසුකම් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ X අඩවියට වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් පහසුකම් ළඟදීම හඳුන්වා දීම පිළිබඳවයි.

මාස්ක් X අඩවියේ සඳහන් කර ඇත්තේ, එයට දුරකථන අංකයක් අවශ්‍ය නොවන අතර එය අද්විතීය වනු ඇති බවයි.