ටියුෂන් පංති ගාස්තු ඇතුළු කරුණු රැසක් නියාමයට සැරසෙයි - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..!
Ministry of Education
Sri Lanka
By Sewvandhi
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ,මෙරට අතිශය ජනප්‍රිය වී ඇති උපකාරක පංති නියාමනය කිරීමට පියවර ගන්නා බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විශේෂයෙන් උසස් පෙළ පංතිවල සිසු සිසුවියන්ගෙන් අධික ගාස්තු සහ පංතිවල දරුවන්ට කියාදෙන කරුණු ආදිය පදනම් කරගනිමින් මේ නියාමනය සිදුකරන බවයි.
විශේෂයෙන් මෙරට උපකාර පංති පැවැත්වෙන අවිධිමත් ක්‍රමවේද ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් ආයතන දරුවන්ට අවම පහසුකම්වත් සලසා නොදෙන බවටද චෝදනා එල්ලවනවා.