ටියුශන් ක්ලාස්තුළ පන්ති තුළ ජන්ද විමසීම් කරනවද..? මෙන්න වැඩ වරදියි...

By Sithumini Sep 01, 2024 02:07 PM GMT
Report


මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් එවැනි පසුබිමක මේ දිනවල ජන්ද විමසීම් විශාල වශයෙන් පැවැත්වෙන අයුරු දක්නට ලැබෙනවා.

ව්‍යාජ ජන්ද පත්‍රිකා යොදාගනිමින් උපකාරක පන්ති වලද මෙවැනි ජන්දය විමසීම් සිදුවන අයුරු දක්නට ලැබෙනවා.

එවැනි ජන්ද විමසීම් අනුව ප්‍රථිපල සමාජ මාධ්‍යට මුදා හැරීමේ රැල්ලක්ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ ආකාරයෙන් ජන්ද විමසීම් පැවැත්වීම අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.