උපකාරක පන්ති ගැන තීරණයක් ගනී..!
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ, සිකුරාදා හා ඉරිදා දිනයන්හිදී යාපනය දිස්ත්‍රික්කය තුළ පවත්වන උපකාර පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ගත් තීරණයක් මත එළැඹෙන ජුලි මස 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ වැඩසටහනේ මුලික අදියර යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පවතින සියලුම උපකාර පන්ති යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීම සිදුකිරීමට නියමිතය.
උපකාර පන්ති ලියාපදිංචි කිරීමෙන් අනතුරුව උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවක් පවත්වා අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
යාපනය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් අදාළ තීරණය ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවෙන් අනතුරුව ගැනීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |