බිහිසුණු භූ කම්පනයේ ඇහෙන හද කම්පා කරවන කතාව.

By Sithumi Feb 07, 2023 11:19 AM GMT
Sithumi

Sithumi

in ලෝකය
Report

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ පවතින අතරේ තවත් හදවත් කම්පා කරවන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම සිරියාවෙන් වාර්තා වන අතර භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු සිරියාවේ ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවූ මිනිස් ජීවිත සොයා මිහිපිට දෙවිවරු වන් මිනිසුන් නොනිදා වෙහෙසෙමින් සිටිනවා.

ඒ අතරේ සුන්බුන් අතරින් කණවැකුණු බිලිඳෙකුගේ හඬක් ඔස්සේ සෝදිසිකිරීම් සිදුකළ පිරිසකට දැකගැනීමට සිදුවූයේ හද කම්පා කරවන දසුනක්. ඒ දර්ශනයේ තිබුණේ ඒ වනවිටත් බිහිවෙමින් සිටි කුඩා දරුවෙක් වන අතර එම පිරිස කඩිනමින් දරුවා ගොඩනැගිලි සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිටි දරුවාගේ මව ඒ මොහොතේ අවසන් සුසුම් හෙළන්නේ තම දරුවා බේරාගැනීමට එහි පැමිණි දෙවිවරු වන් මිනිසුන් දෙස බල සැනසුම් සුසුමක් හෙළමින්. එම අවස්ථාව ගලවාගැනීමේ කණ්ඩායම් අතර සිටි අයෙකුගේ ජංගම දුරකතනයක පටිගතව තිබුණේ මේ ආකාරයෙන්.