තුර්කි භූ කම්පනයෙන්, දින 5 කට පසු සුන්බුන් අතරින් බේරාගත් කාන්තාවන් දෙදෙනා

Turkey Turkey Earthquake
By Sithumi Feb 11, 2023 12:32 PM GMT
Report

තුර්කියේ භූ කම්පනයෙන් දින 5 කට පසු සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා.

පැය 122 ක පමණ කාලයක් සුන්බුන් අතර සිරවී සිටි මෙම කාන්තාවන් දෙදෙනාගෙන් අයෙක් 70 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනෙක් කාන්තාව 50 හැවිරිදි වියේ පසුවනවා. තුර්කි උප ජනාධිපති ෆුවාට් ඕක්ටේ සඳහන් කර ඇත්තේ මේ වනවිට තුර්කියේ රෝහල්වල පුද්ගලයින් 80,000 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම, භූ කම්පනයෙන් එරට මිලියනයකට අධික පිරිසකට නිවාස අහිමිවී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now