ජුලි 01 වැනි දා සිට, සතියට දින 02ක් ටියුෂන් තහනම් කරයි..

Ministry of Education Jaffna Government Employee Education
By Aruna Jun 12, 2023 12:22 AM GMT
Report

ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් මහතා පවසා තිබේ.

ඔහු පැවසුවේ, 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි.

ඒ, ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙනි. යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කරන බවයි.

සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව ද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ, සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳඟා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවයි.

මෙම ක්‍රම වේදය රට පුරාම ක්‍රියාත්මක කරන්නේ නම් මෙරට දරුවන්ගේ මානසික සුවයට මහගු පිටුබලයකි.