ට්විටර් සමාගම ට්‍රම්ප් ගැන ගත් විශේෂ තීරණය..!

Donald Trump Sri Lanka Elon Musk
By Sewvandhi Nov 20, 2022 08:33 AM GMT
Report

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර තිබේ.

ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම ගිණුම නැවත සක්‍රීය කිරීම පිළිබඳ සිදුකළ මත විමසුමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත.

හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි 06 වැනිදා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now