දහස් ගණන් ජනයා පීඩා විඳින,සුව කළ නොහැකි දරුණු රෝගයට ප්‍රතිකාරයක්..!

Bladder Cancer Leucoderma
By Sewvandhi Dec 13, 2022 08:03 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ප්‍රතිකාරවලින් සුවකළ නොහැකි දරුණු රෝගයක් සුවකළ හැකි නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන තිබෙනව. මෙම නව සාර්ථක ක්‍රමය මගින් ලියුකේමියා රෝගීන් සුවපත් කල හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙමගින් සිදුවන්නේ වෙනස් කළ ජාන පිළිකා රෝගීන්ගේ සිරුරට ඇතුළු කිරීමක් බවයි මෙම ප්‍රතිකර්මය සොයාගත් මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පවසන්නේ.

තවද ඔවුන්ගේ මෙම නව ප්‍රතිකර්මය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් එය ලියුකේමියා පිළිකා රෝගීන් තුළ බලාපොරොත්තු දැල්වීමට හේතුවක් වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. මේ සදහා තෝරා ගැණුනේ 13 හැවිරිදි ඇලීසා නමැති දැරියක් වන අතර 'T-cell lymphoblastic leukemia’ නමැති දරුණු ලියුකේමියා රෝගියකු බව 2021 දී හඳුනාගෙන තිබුනා.

ඇගේ මෙම රෝගී තත්වය කීමෝ ප්‍රතිකාරවලින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමෙන් හෝ සුව කළ නොහැකි වි තිබු අතර ලන්ඩනයේ ‘Ormond Street’ ළමා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දැරියාගේ මාපියන්ගේ කැමැත්ත පරිදි ඇය අත්හදා බැලීමේ නව ප්‍රතිකාරයට යොමු කර තිබුනා.

එහිදී නව ප්‍රතිකර්මය සිදු කල අතර නිරෝගී තැනැත්තකුගෙන් ලබාගැනීමෙන් පසු පර්යේෂණාගාරයක් තුළ වෙනස් කළ ජාන ඇලීසාගේ සිරුරට ඇතුළු කර තිබෙනවා. දින 28 කදී ඇයගේ පිළිකා රෝගී තත්වය අඩපණ වී තිබු අතර ඇට මිදුළු බද්ධ කිරීමක් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය යළි ශක්තිමත් කිරීමට හැකිවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now