තායිවානයෙන් චීනයට දැඩි අනතුරු ඇගවීමක්..!

China Thailand
By Sewvandhi Apr 08, 2023 11:12 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

චීනය එල්ල කරන පීඩනය සහ බාධක හමුවේ තායිවානයට ලෝකය සමග සම්බන්ධ වීම නැවැත්වීමට ඉඩ නොදෙන බවට තායිවානයේ ජනාධිපතිනි Tsai Ing-wen චීනයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

තායිවානයේ ජනාධිපතිවරිය පවසන්නේ, පීඩනයට සහ තර්ජනවලට මුහුණ දෙන විට ජනතාව වඩාත් සමීපව කටයුතු කරන ආකාරය ලෝකයා දැක ඇති බවයි.

පීඩනයට හා බාධාවන්ට යටත්ව තායිවානය ගෝලීය ප්‍රජාව සමඟ සිදුකරන ගනුදෙනු නොනවත්වන බවද ඇය අවධාරණය කරනවා.

තායිවාන ජනාධිපතිනි Tsai Ing-wen දින 10 ක මධ්‍යම අමෙරිකානු කලාපීය සංචාරය අතරතුර ඇය අමෙරිකානු කථානායකවරිය හමුවුණා. ඒ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now