අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සක්‍රීය වෙන්න යයි..

Tsunami Sri Lanka Government Of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Dec 26, 2025 02:03 PM GMT
Report

දැනට අක්‍රීයව පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත කොටුවේගොඩ මහතා සඳහන් කළේ, මෙම කුලුනු සම්පූර්ණයෙන් සක්‍රීය කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටද කටයුතු කරමින් සිටින බවයි.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම් ලබාදීම සඳහා දිවයිනේ වෙරළට ආසන්නව මෙම කුලුනු 77ක් පිහිටුවා තිබේ.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, මෙම කුලුනු ක්‍රියාත්මක කිරීම සඳහා VHF සංඥා පද්ධතියක් සහ චන්ද්‍රිකා තාක්ෂණය මගින් සංඥා ලබාදෙන පද්ධතියක් යන ක්‍රම දෙකක් භාවිතා වූ බවයි. එක්වරකදී කුලුනු 77ම එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබූ මෙම පද්ධති දෙකම දැනට අක්‍රීය වී ඇති බැවින් කුලුනු ක්‍රියා විරහිත තත්ත්වයේ පවතින බව ඔහු අවධාරණය කළේය.

දැනට VHF පද්ධතිය සක්‍රීය කිරීම සඳහා දේශීය විද්වතුන් සමඟ එක්ව කටයුතු කරන බවත්, සමස්ථ පද්ධතිය සක්‍රීය කිරීමට ඉන්දියානු සමාගමක තාක්ෂණික සහාය ඉල්ලා ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. 

කිලෝමීටර් 120ක් පළල දැවැන්ත සුනාමියක් නාසාවට හසු වෙයි

කිලෝමීටර් 120ක් පළල දැවැන්ත සුනාමියක් නාසාවට හසු වෙයි

මැලේසියාවේ හිටපු අගමැති මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වැරදිකරු වෙයි

මැලේසියාවේ හිටපු අගමැති මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වැරදිකරු වෙයි