පළමු සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි - වහාම තවත් රටවල් දෙකකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..!

Tsunami Japan Climate Change Earthquake South Korea
By Sewvandhi Jan 01, 2024 02:03 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළේ, ජපානයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයක භූ කම්පනයෙන් පසු එරට කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇගවීමෙන් අනතුරුව ජපානයේ ටොයාමා නගරයට මීටර් 1.2ක් උස පළමු සුනාමි රළ කඩා වැදී ඇති බවයි.

අමතරව ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට මීටර් 5ක් දක්වා උස මුහුදු රළක් කඩා වදිනු ඇති බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙන්නේ.

මධ්‍යම ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවයි.

එමෙන්ම රුසියාවේ නගර දෙකක් වන ව්ලැඩිවොස්ටොක් සහ නකොඩ්කා යන නගර සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.