විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් - විශේෂ දැනුම්දීමක්..!

Tsunami Sri Lanka Climate Change
By Sewvandhi Dec 25, 2022 11:34 AM GMT
Report

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා, හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙනවා.

මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ව්‍යවසනයෙන් ආපදාවට ලක්වූ අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000ක් පමණ වන බව සඳහන් වේ.

තවත් 5,000 ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 235,145ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. මේ අතර "ජාතික සුරක්ෂිත දිනය" හෙට ට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් හෙට දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

දිස්ත්‍රික් මට්ටමින් විවිධ ආපදා නිසා මෙරට මියගිය සියලුදෙනා සිහිපත් කරමින් "ජාතික සුරක්ෂිත" දින වැඩසටහන ක්‍රියාත්මක වේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කොන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අවට ප්‍රජාව එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now