ට්‍රම්ප්ගේ සංයමශීලී ප්‍රකාශයෙන් ලෝක බොරතෙල් මිල ඩොලර් 7කට වැඩි අගයකින් පහළට
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ සංයමශීලී ප්‍රතිපත්තිය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 7කට වැඩි අගයකින් පහත වැටී ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේ අගභාගයෙන් පසුව වාර්තා වූ අවම මිල මට්ටම මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
වෙළෙඳපොළ දත්තවලට අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.57ක් දක්වා පහත වැටී ඇති අතර, එය සියයට 5.75ක අඩුවීමකි. ගනුදෙනු අවසන් වීමෙන් පසුවද එහි මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
එමෙන්ම, අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.85ක් දක්වා පහත වැටී ඇති අතර, එය සියයට 3.98ක අඩුවීමක් ලෙස වාර්තා වේ.
මේ අතර, කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල සතියක් තුළ වාර්තා කළ දැවැන්තම පහත වැටීමක් පසුගිය සතියේදී වාර්තා කර තිබේ. එහිදී බොරතෙල් මිල සියයට 16කින් පහත වැටී ඇති බවද සඳහන් වේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවණතාවක් පවතින බැවින් මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, පවතින තත්ත්වයේ වෙනසක් සිදුවුවහොත් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට අමෙරිකාව සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න නොවනු ඇතැයි වෙළෙඳපොළ තුළ ඇති වූ අපේක්ෂාවන් බොරතෙල් මිල පහත වැටීමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.