චීන තීරු බදු ගිවිසුම ගැන ට්‍රම්ප් ගත් තීරණය

Donald Trump China Latest Headlines Sinhala news Trump tariff
By Shehan Aug 12, 2025 03:44 PM GMT
Report

චීනයට පනවා ඇති තීරු බදු සඳහා තවත් දින 90ක විරාමයක් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව විශාලතම ආර්ථික රාජ්‍යන් දෙක අතර අවසන් ගිවිසුම කල් ඉකුත්වීමට පැය කිහිපයකට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ චීනයට දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබෙන බවයි.

ට්‍රම්ප් චීනයට ඉහළ තීරු බදු පැනවීමේ අවසාන දිනය නොවැම්බර් 10දක්වා දීර්ඝ කරමින් විධායක නියෝගයකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.