ඉරානයට එරෙහි ගැටුම් යළි ඇරඹූ බව ට්‍රම්ප් කොංග්‍රසයට දන්වයි
ඉරානයට එරෙහි යුද මෙහෙයුම් යළි ආරම්භ කළ බව නිල වශයෙන් දැනුම් දෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කොංග්‍රසය වෙත ලිපියක් යොමු කර තිබේ.
ජූලි 10 වැනිදා නිකුත් කළ එම ලිපියට අනුව, ජූලි 7 වැනිදා සිට ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග යළි ආරම්භ කර ඇති අතර, ඇමෙරිකානු ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ වගකීම අනුව එම තීරණය ගත් බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජූලි 10 වැනිදා නිකුත් කළ එම ලිපියට අනුව, ජූලි 7 වැනිදා සිට ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග යළි ආරම්භ කර ඇති අතර, ඇමෙරිකානු ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ වගකීම අනුව එම තීරණය ගත් බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ගැටුමට අදාළ සටන් විරාමය අප්‍රේල් 8 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට ජූනි 17 වැනිදා අත්සන් තැබිණි.
කෙසේ වෙතත්, ඉරානය අවබෝධතා ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකාවලට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින්, නව හමුදා මෙහෙයුම් ආරම්භ කරන ලෙස තමන් හමුදාවට උපදෙස් දුන් බව ට්‍රම්ප් ලිපියේ සඳහන් කර තිබේ.
ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව වෙනත් රටකට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කිරීමේ බලය කොංග්‍රසය සතු වුවද, කෙටි කාලීන හමුදා මෙහෙයුම් සඳහා ජනාධිපතිවරයාට කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය නොවන බවට මතයක් පවතින බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
ඇමෙරිකාවේ යුද බල පනතට අනුව, ජනාධිපතිවරයා හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ පසු පැය 48ක් ඇතුළත කොංග්‍රසයට ඒ පිළිබඳ දැනුම් දිය යුතු අතර, කොංග්‍රස් අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වන එවැනි මෙහෙයුම් දින 60ක් ඇතුළත අවසන් කළ යුතු වේ.
විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, කොංග්‍රසයට මෙම ලිපිය යොමු කිරීම හරහා යුද මෙහෙයුම් සඳහා තවත් දින 60ක කාලයක් ලබා ගැනීම ට්‍රම්ප්ගේ අරමුණ විය හැකි බවයි.
මේ අතර, රොයිටර් පුවත් සේවය වාර්තා කළ මත විමසුමකට අනුව, ඇමෙරිකානුවන්ගෙන් බහුතරයක් ඉරානයට එරෙහි ගැටුම දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සියයට 60ක් ඉන්ධන මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාස කරති. එමෙන්ම, සමීක්ෂණයට එක්වූවන්ගෙන් සියයට 50ක් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකාව දරන පිරිවැයට සාපේක්ෂව මෙම යුද්ධය වටිනාකමක් නොමැති බවයි.