සටන් විරාමය ක්‍රියාත්මකයි – කඩ නොකරන්නැයි ට්‍රම්ප්ගෙන් දැඩි ඉල්ලීමක්

Donald Trump Iran Middle East Iran Nuclear Sites Israel-Iran conflict
By Shehan Jun 24, 2025 06:36 AM GMT
Shehan

Shehan

in ලෝකය
Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය මේ වන විට ආරම්භ වී ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත. ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

"කරුණාකර එය උල්ලංඝනය නොකරන්න." ලෙසය.

එසේ වුවද ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් සිය හමුදා මෙහෙයුම් නතර කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.

ඔහු පෙන්වා දෙන්නේ තම රජය මෙතෙක් කිසිදු සටන් විරාමයකට හෝ මෙහෙයුම් නතර කිරීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ නොමැති බවය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

අද (24) අලුයම 4 දක්වා ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.