එකම අංක තහඩුවෙන් පාරෙ දුවන ත්‍රීරෝධ රථ දෙක මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Hatton Department of Motor Vehicles
By Aruna Jun 26, 2023 06:42 AM GMT
Report

එකම අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථ දෙකක් පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ, ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක තහඩුව පිළිබඳව සැක සිතු පොල්පිටිය පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරින් ඊයේ (25) එම ත්‍රිරෝද රථය නතර කර දින පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ අංක තහඩුවක් බවට තහවුරු විමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ රියැදුරා සහ ත්‍රිරෝද රථය සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කර තිබු අංකය පිලිබදව මොටර් රථ ලියාපදිංචි දෙපාර්තුමේන්තුවෙන් පරික්ෂා කර බැලිමේදි එම අංකයටම තවත් ත්‍රිරෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තහවුරු වී ඇත.

ඒ සමඟම පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් එම ත්‍රිරෝද රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී අනාවරණය කර ගෙන ඇත්තේ, ගිනිගත්හේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය ව්‍යාජ ලියකියවිලි සකස් කර ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇති බවයි.

ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිරෝද රථයේ රියැදුරා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ පොල්පිටිය පොලිසිය ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.