ප්‍රධාන නගරයක ගස් දෙකක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර. - තුවාලකරුවන් රෝහල් ගත කෙරේ. (PHOTOS)

Sri Lanka Police Kandy Accident
By Wayomi Dec 27, 2023 10:25 AM GMT
Report

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට නුදුරුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි දැවැන්ත ගස් දෙකක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වාහන අටකට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.

අද පෙරවරු 11.00ට පමණ මහනුවර තිලක් රත්නායක මාවතේ පිහිටි දැවැන්ත ගස් දෙකක් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රධාන නගරයක ගස් දෙකක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර. - තුවාලකරුවන් රෝහල් ගත කෙරේ. (PHOTOS) | Trees Fell In Kandy City And Damaged 8 Vehicles

මෙම අනතුරින් තුවාල ලැබූ දෙදෙනා මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇති අතර අනතුරින් වෑන්, කාර්, ත්‍රිරෝද,ලොරි ඇතුලු වාහන අටකට හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, වසර ගණනාවක් පැරණී මෙම ගස්වල මුල් දිරාපත් වී තිබූ බවයි.

කෙසේ වෙත්ත මහනුවර මූලස්ථාන පොලීසිය, නගරික ගිනි නිවේමේ ඒකකය, යුද හමුදාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය ඇතුලු ආයතන රැසක් එක්ව මෙලෙස කඩා වැටුණු ගස ඉවත් කිරීමට පියවර ගත් අතර මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මාර්ගයේ වාහන ධාවනය අත්හිටුවා තිබුණා.  


GalleryGalleryGalleryGallery