දේවාලවල වස්තුව කපුවන්ට තහනම් කරලා ඊළඟට කරන්න යන දේ.
Kataragama Temple Sri Lanka
By Wayomi
රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන වස්තුව ගැන විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑම තහනම් කර තිබෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන පවසන්නේ,රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පනතකින් පවරා දී ඇති බවත්ය.
එමෙන්ම කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලයද බස්නායක නිලමේවරයාට පැවැරෙන බව වාර්තා වෙනවා.