ගෘහ සේවයට යන ශ්‍රී ලංකික කතුන්ට හාම්පුතුන් සතුටු කරන හැටිත් පුහුණු කරලා.

Sri Lanka
By Wayomi Nov 26, 2022 04:24 AM GMT
Report

ගෘහ සේවය සඳහා රට යන කාන්තාවන්ට ආරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බව CIDය අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් එම පුහුණුවීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි දී මැදපෙරදිග රටවල හාම්පුතුන් සමග ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කෙසේද? ඔවුන්ගේ ශරීර නිවැරැදිව සම්භාහනය කරන්නේ කෙසේද? එම හාම්පුතුන් ලිංගිකව සතුටු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව පුහුණුව ලබාදී තිබෙනවා.

ඊට අමතරව සවුදි අරාබිය, කටාර් රාජ්‍යය, කුවේට්, ඕමානය, බහරේන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග රටවල භාවිතා කරන ලිංගික උත්තේජන පෙති, උපත් පාලන කොපු සම්බන්ධයෙන් ද අදාළ පුහුණුව තුළදී දැනුවත් කර ඇති බව ද සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසින්,

‘‘ලිංගික වශයෙන් සතුටු කරන්න පුළුවන් කාන්තාවන්ට මැදපෙරදිග රටවල කෝටිපති හාම්පුතුන්ගේ දැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ බව දන්නා මිනිස් ජාවාරම්කරුවන් සහ මෙරට බලපත්‍ර නොමැති විදේශ රැකියා සපයන තැරැව්කරුවන්, ඉලක්ක ගත සුරූපි කාන්තාවන්ට එම ලිංගික පුහුණුවීම් ලබා දෙනවා. එම කාන්තාවන් හාම්පුතුන්ට විකුණා මිලියන ගණනින් ඔවුන් මුදල් හොයනවා ’’  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW