වහාම ක්‍රියාත්මක පරිදි දුම්රිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නවතම නියෝගයක්..! තීරණය මෙන්න..

Sri Lanka Train trasport Dilum Amunugama
By Sewvandhi Mar 24, 2022 01:08 PM GMT
Report

අද (24) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්‍රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත් ලිපිය තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවා.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත්, තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම් රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර, කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බව ද අමාත්‍ය අමුණුගම සඳහන් කළා.

කෙසේවෙතත් නව ගාස්තු සම්බන්ධයෙන් අද රාත්‍රියේ දී පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනයේ සිට යම් කිසි අයුරකින් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අද දහවල් දුම් රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කොළඹ සිට උඩරට දුම් රිය සහ උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වී ඇති බවයි.

ඒ අනුව කොළඹ සිට උඩරට දුම්රිය ගාස්තුහි පළමු මැදිරිය රුපියල් 1000ක් ද දෙවැනි මැදිරිය රුපියල් 500ක් සහ තුන්වැනි මැදිරිය රුපියල් 300ක් ද වන බවයි නිවේදනය කෙරුණේ. එම මිල වැඩි කිරීමේ නිවේදනයයි අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මෙලෙස අත්හිටුවා ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now