තවත් දින පහකින් දුම්රිය ධාවනය නවතින ලකුණු - දුම්රිය සාමාන්‍ය අධිකාරිගෙන් ප්‍රකාශයක්..!
train
Sri Lanka
diesel
Udaya Gammanpila
Dammika Jayasundara
By Sewvandhi
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද ජයසුන්දර මහතා කීවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
දුම්රිය ධාවනයට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |