දුම්රිය ප්‍රමාදයක් ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna May 26, 2024 04:04 AM GMT
Report

කුරුණෑගල - ගනේවත්ත සිට පානදුර බලා ධාවනය වූ දුම්රිය, වලකුඹුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙන බව වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි.

ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..

ඊයෙ රෑ වෙසක් පෙරහැරක ඇතෙක් කුලප්පු වී සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..


ඒ අනුව, දුම්රිය හතරක් පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණය සමඟ ගස් කඩා වැටීම්, ගල් පෙරලීම් හා පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී තිබීම හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සලකා ඊයේ රාත්‍රියේත් දෙවන දිනටත් රාත්‍රීකාලයේ දුම්රිය ධාවනය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

ජනපතිගෙන් මෙරට සියලුම තරුණ තරුණියන්ට සුබම සුබ ආරංචියක්..

ජනපතිගෙන් මෙරට සියලුම තරුණ තරුණියන්ට සුබම සුබ ආරංචියක්..


නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මේ වන විට පිටකොටුව සිට බදුල්ලටත් බදුල්ල සිට කොළඹ පිටකොටුව සහ මහනුවරට උඩරට මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියයන් සාමාන්‍ය පරිදිධාවනය වීම සිදුවන බවයි.