දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කෙරේ..!

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 01, 2022 03:55 AM GMT
Report

ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත, පානදුර, වාද්දුව දක්වා ධාවනය වන දුම්රිය දුම්රිය කිහිපයක් ද මෙලෙස අවලංගු වී තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා කළින් ආසන වෙන් කරවාගෙන ධාවනය වන උදයදේවි දුම්රිය ද අවිස්සාවේල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now