දින 03ක් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Mar 29, 2024 04:19 AM GMT
Report

අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කර සිටිනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා කියා සිටියේ, බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි.

මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.