අද සිදුවන දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක්, අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන සියළුම දුම්රියන් ප්‍රමාදව ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, ඊයේ(17) පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
මෙම අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවූ අතර රථයේ ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කළා.
යුවළක්, මවක් සමග දියණියක් මෝටර් රථයේ සිට තිබුණි.
මංගල්‍ය උත්සවයක් සඳහා සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්විය.
ඔවුන් සියලුදෙනාම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
අදාළ දුම්රිය කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
අනතුර සිදුවී තිබුණේ ජා-ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය ආසන්නයේදීය.