ඊයේ(3/23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය දුම්රිය ගාස්තු.

Sri Lanka fuel crisis express train train fare Sumedha somarathna
By Sewvandhi Mar 24, 2022 08:53 AM GMT
Report

නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (24) පැවසීය.

ඇතැම් දුම්රියවල ගාස්තු සියයට 60 කින් සහ ඇතැම් ගාස්තු සියයට 50 කින් ඉහළ දමා ඇති බව කී සුමේධ සෝමරත්න මහතා මෙම ගාස්තු ඉහළ දැමීමට වෘත්තීය සමිතියක් ලෙස විරුද්ධ බව ද සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළ ද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ක්‍රමවේදයකින් තොරව ගාස්තු ඉහළ දමා ඇති බවත් ඒ පිළිබඳව ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරු දැනුවත් නොකර, වේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00 ට දැනුම්දීමක් කර ඇති බවත් සෝමරත්න මහතා කීය.

රටේ පවතින තත්වය මත මේ මොහොතේ වැඩවර්ජනයකට යෑම සුදුසු නොවන බව කී සෝමරත්න මහතා පැවසුවේ සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවත්ය.

සාමාන්‍ය මගියාට පෙරවරු 10.00 ට ප්‍රවේශපත් වෙන්කිරීමට අන්තර්ජාලය විවෘත වුවද ඇතැම් නිලධාරීන්ගේ උවමනාව මත අළුයම 5.00 ට ප්‍රවේශපත් නිකුත් වන බවත් ඒ අනුව වෙන්කරන ආසන සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now