හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
මාර්ග පද්ධතියේ පවතින දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු ගැටලු රැසකට තවමත් සුදුසු විසඳුම් ලබාදී නොමැති බැවින්, හෙට (29) මධ්‍යම රාත්‍රී 12:00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දුම්රිය මාර්ග පද්ධතියේ තාක්ෂණික දෝෂ, රියදුරන්ට ලබාදෙන පහසුකම්වල අඩුපාඩු, සහ පරිපාලනමය ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
මෙම වර්ජනය හේතුවෙන් 2025 ජුලි 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම දුම්රිය සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩ වර්ජනය දුම්රිය මගීන්ට සහ භාණ්ඩ ප්‍රවාහනයට බලවත් බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බලධාරීන් වහාම ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවත් සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.