දුරකථන ඇමතුමෙන් දුම්රියේ ගැටී අවසන් ගමන් ගිය තරුණයින් දෙදෙනා..
දුරකතනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරු 5.45 ට පමණ දුම්රියේ ගැටී මාරක අනතුරක් සිදු වුණා.
මෙම තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම සදහා අද උදෑසන ම සූදානම් වී වදුරුව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, ජංගම දුරකථනයකින් කතා කරමින් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් පැමිණි බදුල්ල සිටි කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
වේයන්ගොඩ වදුරුව ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණයෙක් මෙසේ මියගොස් ඇත.
අනතුරෙන් පසුව මිය ගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |